24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය පාලමක් මත නාඳුනන මළ සිරුරක්

දුම්රිය පාලමක් මත නාඳුනන මළ සිරුරක්

බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මග්ගොන දුම්රිය පාලම මත තිබී අද (13) මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සැක පළ කරන්නේ මෙම පුද්ගලයා දුම්රියේ ගැටී මිය යන්නට ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 75-80 පමණ වන පුද්ගලයෙක් වන අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැත.

රේල් පීලී අතර සිරවී තිබියදීයි මෙම මළ සිරුර හමුව ඇත්තේ.

මෘත දේහය පයාගල දුම්රිය ස්ථානය වෙත භාරදී ඇති අතර බේරුවල පොලීසිය ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.