27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුහුදට වැටී මුරකරුවෙක් ජීවිතක්ෂයට

මුහුදට වැටී මුරකරුවෙක් ජීවිතක්ෂයට

බේරුවල ධීවර වරායේ මුරකරුවෙකු මුහුදට වැටී මියගොස් තිබෙනවා.

බේරුවල පොලිසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රවීශා සහ ජෙහේවා නම් ධීවර යාත්‍රා සමූහයේ යාත්‍රා මුරකරුවෙකු බවයි.

ඔහු පෙරදින රාත්‍රියේ සේවයට පැමිණ ඇති බවත් පසුව ඔහු ගැන තොරතුරක් නොමැති බැවින් සොයාබැලීමේදී දියේ පාවෙමින් තිබූ මළ සිරුර හමුව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මුංහේන පාර, මග්ගොන ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.