27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් තවත් 759ක් අත්අඩංගුවට

යුක්තියෙන් තවත් 759ක් අත්අඩංගුවට

ගෙවුණු පැය 24 තුළදී දිවයින පුරා සිදු කළ යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 759ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 549ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 210ක් ඊට අයත්.

ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 135 යි මිලිග්‍රෑම් 778ක්, අයිස් ග්‍රෑම් 87 යි මිලිග්‍රෑම් 287ක්, ගංජා කිලෝග්‍රෑම් 25 යි ග්‍රෑම් 164ක්, ගංජා පැල 50,849ක්, මාවා ග්‍රෑම් 179ක්, මත්පෙති 1,545ක් හා මදන මෝදක ග්‍රෑම් 102ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.