26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentයතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

කළුතර පොලිස් වසමේ ඊයේ (14) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ කළුතර උතුර පොලිස් වසමේ මහදූවේගම, උග්ගල්බඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකු මාර්ගය අයිනේ තිබූ දුරකථන කණුවක ගැටී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ මහදූවේගම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි ගිහාන් මදුසංක ලක්මාල් නමැති විවාහක තරුණයෙකි.

ඔහු වෙළෙඳසල් සේවකයකු ලෙස කටයුතු කළ අයෙක්.

ඊයේ රාත්‍රී 11.30ට පමණ මෙම තරුණයා ඔහුගේ නිවසේ සිට වෙළෙඳසැලට යාමේදී අධික පල්ලමක් සහිත මෙම මාර්ගයේ අසළ තිබූ විදුලි කණුවේ ගැටී තිබෙනවා.

යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදු වන්නට ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.