27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසබරගමුවේ සරසවි සිසුන්ට ඇප

සබරගමුවේ සරසවි සිසුන්ට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබෙනවා.

පසුගිය 09 වැනිදා රාතියේ කෘෂි විද්‍යා පීඨයේ ආපනශාලාවේ ආහාර ගනිමින් සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් විදුලිය විසන්ධි කර ඔවුන්ට පොලු මුගුරුවලින් පහර දුන් බව කියන සිසුන් 07 දෙනෙක් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සිද්ධියට සම්බන්ධ තවත් සිසුන් හය දෙනෙකු ඊයේ (14) අත්අඩංගුවට ගත් අතර අද ඔවුන් සියල්ලෝම බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි මෙලෙස ඇප නියම කර ඇත්තේ.