26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරෝහිත් සිය 11 වැනි ශතකය වාර්තා කරයි

රෝහිත් සිය 11 වැනි ශතකය වාර්තා කරයි

ඉන්දීය ටෙස්ට් නායක රෝහිත් ෂර්මා අද (15) සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 11 වන ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

එංගලන්තය සමඟ රාජ්කොට් හිදී පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ දී ඔහු මෙම ශතකය වාර්තා කළ අතර මෙම තරගයේ ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් පන්දු 196ක් තුළ ලකුණු 131ක් ඔහු රැස් කළා.

මේ අතර ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කළ දෙවන ඉන්දීය පිතිකරුවා බවට පත්වීමට ෂර්මාට අද හැකියාව හිමිවුණා.

සුපිරි ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝණි මීට පෙර එහි දෙවන ස්ථානයේ රැඳී සිටියේ හයේ පහර 78ක් එල්ල කරමින්.

ෂර්මා මෙම ඉනිමේ දී හයේ පහර තුනක් එල්ල කළ අතර ඒ අනුව ඔහු මේ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ හයේ පහර 80ක් එල්ල කර තිබෙනවා.

ඒ අනුව රෝහිත් ෂර්මා දෙවැනි තැන ගෙන සිටින්නේ ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ හයේ පහර 91ක් එල්ලකර සිටින සුපිරි පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග්ට පමණයි.