ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි නඩුවේ තීන්දුව ලබාදීම ලබන මැයි මස 06 වැනිදාට කල් තැබිණ.
අද (11) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා හමුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව දී තිබේ.
නඩුවේ තීන්දුව අද ලබා දීමට මීට පෙර නියම කර තිබිණ. ඒ පැමිණිල්ලේ හා විත්තියේ සාක්ෂි කැඳවීම අවසන් කිරීමෙන් පසුවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2015 ජනවාරි 23 වැනිදා මෙම නඩුව පවරනු ලැබුවේ, ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධව ආගමන හා විගමන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමිනි.