26.1 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentවිදෙස් යුවළක් ගමන් ගත් රථය අධිවේගයේදී අනතුරට

විදෙස් යුවළක් ගමන් ගත් රථය අධිවේගයේදී අනතුරට

කොට්ටාව අධිවේගී පිවිසුම අසළදී මෝටර් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ විදේශීය යුවළක් රැගෙන කටුනායක ගුවන්තොටුපළ දක්වා යමින් සිටි මෝටර් රථයක් කොට්ටාව අධිවේගී පිවිසුම අසළදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

මෙම අඹුසැමි යුවළ නැවත ඉතාලිය බලා පිටත්ව යාම සඳහා ඊයේ (18) රාත්‍රියේ හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වා ගමන් කරමින් සිටියදීයි මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇත්තේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 76 – 78 හැවිරිදි වියවල පසුවන ඉතාලි ජාතික අඹුසැමි යුවළක් හා අනුරාධපුර බන්දුලගම පදිංචි 42 හැවිරිදි රියදුරෙකු බවයි අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පැවසුවේ.