දූෂණ හා වංචා ක්රියාකාරකම්වල යෙදෙන කොන්ත්රාත්කරුවන් අසාදු ලේඛනගත නොකරන දකුණු ආසියාවේ එකම රට ශ්රී ලංකාව බව අනාවරණ වී තීබෙනවා.
වේරිටේ රිසර්ච් ආයතනය සිදු කළ නවතම සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.
එම සමීක්ෂණ වාර්තාවෙන් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ දූෂිත ක්රියාවල යෙදීම සහ වංචනික ක්රියාකාරම් කිරීම අසාදුගත ලේඛනගත වීමට හේතුවක් සේ නොහඳුනා නොගැනීම,
නෛතික ප්රතිපාදන තිබියදීත් ගිවිසුම්ගත බැඳීම් පැහැර හැර ඇති කොන්ත්රාත්කරුවන් අසාදු ලේඛනතග නොකිරීම සිදුකරන ආසියාවේ එකම රට ශ්රී ලංකාව බවයි.
ප්රසම්පාදන මාර්ගෝපදේශවල පවතින හිඩැස් හේතුවෙන් දූෂණයට එරෙහිව සටන් වැදීම අසීරු වී ඇති බවයි වෙරිටේ රිසර්ච් ආයතනය මෙම සමීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.
එමෙන්ම ඔවුන් අවධාරණය කරන්නේ දූෂණයට එරෙහිව සටන් වැදීම සඳහා ඉතා ඉක්මණින් එම හිඩැස් වසා දැමීමට කටයුතු කළ යුතු බවයි.
ඖෂධ ප්රසම්පාදනය වැනි අවස්ථා කිහිපයක දී හැර ශ්රී ලංකාවේ සියලුම රාජ්ය ප්රසම්පාදනය පාහේ පාලනය කරන 2006 ප්රසම්පාදන මාර්ගෝපදේශවල හිඩැස් ඇති බවත් එහි ඇති හිඩැස් භාවිතා කරමින් මෙම දූෂිත තත්ත්වයන්ට වලංගුභාවයක් ලබා දෙන බවත් සමීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.
අනෙක් දකුණු ආසියානු රටවලත් මෙවැනිම දත්ත ගබඩාවක් තිබෙන බවත් නේපාලය එම දත්ත ගබඩාවට ගිවිසුම්ගත බැදීම් පැහැර හරිනු ලැබූ කොන්ත්රාත්කරුවන් 629 කගේ සහ බංග්ලාදේශයේ දත්ත ගබඩාවට කොන්ත්රාත්කරුවන් 510 කගේ නම් ඇතුළත් කර ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.