― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමීයෙක් නිසා මරු තුරුළට ගිය දෙදරු පියා

මීයෙක් නිසා මරු තුරුළට ගිය දෙදරු පියා

නිවසට ඇතුළු වූ මීයෙක් සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

තලංගම පොලිසිය පැවසුවේ මොවුන් දෙදෙනා මීයා පසුපස හඹා යන අතරේ බාල සොහොයුරා එක්වරම ක්ලාන්ත වී ඇද වැටී ඇති බවයි.

ඔහු ප්‍රතිකාර සඳහා තලංගම දිසා රෝහලට ඇතුළත් කිරීමට යාමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බත්තරමුල්ල තලංගම දකුණ පදිංචි එගොඩවත්ත ආරච්චිගේ අනුර කිත්සිරි නැමැති 59 හැවිරිදි දෙදරු පියෙකි.

මොහුගේ වැඩිමහල් සහෝදරයා අවිවාහකව ඔවුන්ගේම නිවසේ වාසය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ බිරිඳ හා දියණියන් දෙදෙනා අද (19) උදෑසන නිවසින් බැහැරට ගිය අවස්ථාවේදීයි මෙම සිද්ධිය සිදු වී ඇත්තේ.