― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබටු ගෝනියේ දමා ගංජා විකුණූ අයෙක් අල්ලයි

බටු ගෝනියේ දමා ගංජා විකුණූ අයෙක් අල්ලයි

එළවළු ප්‍රවාහනය කරන මුවාවෙන් ගංජා ප්‍රවාහනය කළ පුද්ගයෙක් බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තියේ මෙහෙයුමට සමගාමීව වේලිඔය ප්‍රදේශයේ සිට බලන්ගොඩ නගරය දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් පරික්ෂාවට ලක් කිරීමේදී ගංජා කිලෝ එකයි ග්‍රෑම් අනූවක්ද සමඟ මෙම පුද්ගලයා අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගයෙක් බවයි පොලීසිය පවසන්නේ.

මෙම බස් රථය පරික්ෂාවට ලක් කිරීමේදී බටු ගෝනියක් තුළ ඉතා සූක්ෂමව සඟවා තිබූ මෙම ගංජා තොගය සොයාගෙන තිබෙනවා.

එම ගංජාවල සුවඳ වහනය වීම වැළැක්වීම සඳහා
සුවඳ විලවුන් යොදා ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ගංජා තොගය බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතය.