30.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot News15 දැරිය පැහැරගත් 17 සිසුවා අත්අඩංගුවට

15 දැරිය පැහැරගත් 17 සිසුවා අත්අඩංගුවට

15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් යාපනය ප්‍රදේශයේ නිවසක රඳවා සිටි 17 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වඩුක්කෝට්ටේ පොලිස් වසමේ තෝල්පුරම් ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක් පසුගියදා (18) අතුරුදන්ව ඇති බවට වඩුක්කෝට්ටේ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණා.

දැරිය එම ප්‍රදේශයේ 17 හැවිරිදි පිරිමි ළමයෙකුගේ නිවසේ නවාතැන් ගෙන සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය කඩිනමින් එම නිවසට ගොස් දැරිය බේරාගෙන පිරිමි ළමයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය විසින් බේරාගත් දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් පිරිමි ළමයා වැඩිදුර පරීක්‍ෂණ සඳහා පොලිස් ස්ථානයේ රඳවාගෙන ඇත.