26.1 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලයි

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලයි

මේ දිනවල ශ්‍රී ලංකාවට බලපා ඇති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දෛනික විදුලි ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 03ත් 04ත් අතර අගයකින් ඉහළ ගොස් ඇති බවයි ලංවිම පවසන්නේ.

වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය කරන ජලාශවල ජල මට්ටමද සීඝ්‍රයෙන් පහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි විදුලි පාරිභෝගිකයන්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලට ඉල්ලා සිටින්නේ.

මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත පැවසුවේ ඒ අනුව ජලවිදුලි උත්පාදනයද සියයට 20ක් දක්වා පහළ ගොස් ඇති බවයි.