30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබදුල්ල නගර මධ්‍යයේ පුද්ගල මළ සිරුරක්

බදුල්ල නගර මධ්‍යයේ පුද්ගල මළ සිරුරක්

බදුල්ල නගර මධ්‍යයේ තිබී අද (22) පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද උදෑසන පොලිස් හදිසි දුරකථන අංකයට ලද පණිවුඩයකට අනුව මෙම මළ සිරුර සොයාගත් බවයි.

බදුල්ල පහළ රජ වීදිය සහ බසාර් වීදියට ආසන්න මාර්ගය අසළ පදික වේදිකාවට ආසන්නයේදීයි මෙම මළ සිරුර හමුව තිබෙන්නේ.

බදුල්ල පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයාගේ වයස අවුරුදු 60ක් පමණ වන අතර අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.