සංචාරක ක්ෂේත්‍රය සඳහා වාහන ආනයනය කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.
මේ යටතේ වෑන් රථ සහ මෝටර් රථ 1000ක් පමණ ආනයනය කිරීමට තමන් කටයුතු කරමින් සිටින බවත් ඉදිරි කැබිනට් රැස්වීමේදී එම යෝජනාවට අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.