― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසිරුරට අහිතකර රූපලාවන්‍ය ආලේපන තොගයක් පිටකොටුවෙන් අල්ලයි

සිරුරට අහිතකර රූපලාවන්‍ය ආලේපන තොගයක් පිටකොටුවෙන් අල්ලයි

මිනිස් සිරුරට ප්‍රබල ලෙස හානි කරන රූපලාවන්‍ය ආලේපන අලෙවි කළ වෙළෙඳසැල් 04ක් වටලා තිබෙනවා.

වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් උපාය දූතයින් යොදවා ඊයේ (21) සිදු කළ මෙම වැටලීමේදී මෙලෙස සිරුරට අහිතකර ද්‍රව්‍ය අඩංගු ආලේපන තොගයක් සොයාගෙන තිබෙනවා.

පිටකොටුව දෙවන හරස් වීදියේදීයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

එහිදී වයස අවුරුදු 22, 25, 45, 52 යන වයස්වල පසුවන කළගෙඩිහේන, මොරටුව, වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් සිවුදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.