― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා වියට්නාමය රජයන් අතර කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සදහා හේතුවන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඊයේ (21) දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සමගාමීව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සහ වියට්නාමයේ කෘෂිකර්ම හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය Minh Hoan Le දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කරනු ලැබීය.

එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් දෙරට අතර කෘෂි තාක්ෂණය හුවමාරු කර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කළේය.

ඒ යටතේ කෘෂි තාක්ෂණය, අධ්‍යයන හා පර්යේෂණ, අත්දැකිම් හුවමාරුව, උසස් බීජ නිෂ්පාදනය, පොහොර හා පළිබෝධනාශක යෙදීම, වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි ගොවී ජනතාව හා නිලධාරින් පුහුණු කිරීම වැනි කරුණු කිහිපයකට අදාලව මෙම ගිවිසුම අත්සන් තබනු ලැබීය.

මෙහිදී අදහස් පළ කළ වියට්නාමයේ කෘෂිකර්ම හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය Minh Hoan Le මේ වනවිට ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂණය වී තිබීම සම්බන්ධව තම සතුට පළ කළේය.

ආර්ථිකමය වශයෙන් අසීරු අවස්ථාවක පවතින සමයක වුවත් ශ්‍රී ලංකාව ආහාර නිෂ්පාදනයේ දී ලබා ඇති ශක්‍යතාවය අගය කළ යුතු බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

එහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ පැවැති ආර්ථික කඩාවැටීම නිසා ශ්‍රී ලංකාවේ ආහාර හිඟයක් මතුවේයැයි බොහෝ දෙනා උපකල්පනය කළ ද, රජය ගත් ක්‍රියාමාර්ග නිසා මෙන්ම ගොවි ජනතාව බාධක නොතකා වගා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව ආහාර අර්බුදයකට මුහුණ නොදුන් බවත්, ඒ සම්බන්ධව අප රටේ ගොවි ජනතාවට සමස්ත ජනතාවගේ ප්‍රණාමය පළ කළ යුතු බවත්ය.