― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකොක්කුතුඩුවායි සමූහ මිනී වළ ගැන අනාවරණයක්

කොක්කුතුඩුවායි සමූහ මිනී වළ ගැන අනාවරණයක්

කොක්කුතුඩුවායි සමූහ මිනී වළ 1994 සිට 1996 දක්වා කාලයකට අයත්විය හැකි බවට සමූහ මිනී වළ සම්බන්ධයෙන් කැනීම් කටයුතුවලට එක් වූ පුරාවිද්‍යා නිළධාරීන් නිගමනය කරනවා.

මේ පිළිබඳව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් මඟින් දන්වා ඇති බව මුලතිව් දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනක සභාපති වාසුදේව පවසනවා.

මුලතිව්, කොක්කුතුඩුවායි සමූහ මිනී වළ කැනීම සම්බන්ධයෙන් මේ දක්වා තත්වය සම්බන්ධයෙන් විශේෂඥ කමිටු වාර්තාව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම ඊයේ (22) සිදුකරනු ලැබුවා.

අදාළ විමර්ශනයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කනක සභාපති වාසුදේව මේ බව ප්‍රකාශ කළේය.

කොක්කුතුඩුවායි සමූහ මිනී වළ සම්බන්ධයෙන් මේ දක්වා කැණීම් කටයුතු, කැණීම්වලීන් ලබාගත් දෑ, කැණීම් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන වාර්තාවක් මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් වෙත ඉදිරිපත් කොට තිබුණා.

සමූහ මිනී වළ නැවත කැණීම මාර්තු මස 04 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර කැණීම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම ගැටළුවක් වී ඇති බව අතුරුදහන් වූවන්ගේ ඥාතීන් චෝදනා කරනවා.

ජල සම්පාදන මණ්ඩල සේවකයින් පිරිසක් ජල නළ එලීමක් වෙනුවෙන් කානුවක් කැපීමේදී අදාළ ස්ථානයෙන් පළමු වතාවට මිනිස් අස්ථි කොටස් කිහිපයක් 2023 ජුනි 29 වැනිදා හමු වුණා.

මතභේදාත්මක සේවා හැරයාමක් සිදුකළ මුලතිව් හිටපු මහේස්ත්‍රාත් ටී. සරවනරාජා විසින් අස්ථි කොටස් හමුවූ ස්ථානය 2023 ජුනි 30 වැනිදා පරීක්ෂා කළ අතර එහිදී නියෝග කරනු ලැබුවේ අස්ථි හමු වූ ස්ථානයේ කැණීම් කටයුතු 2023 ජුලි 06 වැනිදා සිදුකරන ලෙසටයි.

අදාළ ස්ථානය සම්බන්ධයෙන් කැණීම් කටයුතු පළමු වතාවට 2023 ජුලි 06 වැනිදා සිදුකිරීමෙන් අනතුරුව නවතා දැමූ අතර දෙවැනි අදියර යටතේ 2023 සැප්තැම්බර් 06 වැනිදා නැවත කැණීම් කටයු ආරම්භ කරනු ලැබුවා.

2023 සැප්තැම්බර් 15 වැනිදා එම කැණීම් කටයුතු නැවතත් නවතා දැමුණු අතර තෙවැනි අදියරේ කැණීම් කටයුතු 2023 නොවැම්බර් 20 වැනිදා ආරම්භ කොට 2023 නොවැම්බර් 29 වැනිදා අවසන් කෙරුණා.

සමූහ මිනී වළේ තිබී මේ දක්වා මිනිස් අස්ථි කොටස් 40 ක් ගොඩගෙන ඇති අතර ගොඩගත් අස්ථි කොටස් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ වැඩිදුර පරීක්ෂාව වෙනුවෙන් මුලතිව් රෝහලේ විශේෂ කුටියක තැන්පත් කොට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කෝකිලායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.