29.8 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඩෙංගු රෝගීන් වාර්තා වීම පහළට

ඩෙංගු රෝගීන් වාර්තා වීම පහළට

2024 වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර පහළ යාමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි දත්ත වාර්තාවල දැක්වෙන්නේ ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍ර පහළ යාමක් පෙන්නුම් කරන බවයි.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා වූ කාලසීමාව තුළ ඩෙංගු මරණ 05ක් වාර්තා වී ඇති අතර පෙබරවාරි මාසයේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 5,181ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම ජනවාරි මාසයේ දී මෙරටින් ඩෙංගු රෝගීන් 10,417 දෙනෙකු හඳුනා ගත් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.