29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශබන්දුට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි

දේශබන්දුට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් සලකා බැලීම සඳහා අප්‍රේල් මස 02 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) නියම කළා.

මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඉන් අනතුරුව අදාල පෙත්සම් සලකා බැලීම සඳහා අප්‍රේල් මස 02 වැනිදා යළි කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළා.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙනවා.