31.7 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalණය ගෙවා ගන්න බැරුව පහුගිය අවුරුදු කීපයේ දෙසිය හැටකට ආසන්න ප්‍රමාණයක්...

ණය ගෙවා ගන්න බැරුව පහුගිය අවුරුදු කීපයේ දෙසිය හැටකට ආසන්න ප්‍රමාණයක් මිය ගිහින්

ශුද්‍ර මූල්‍ ණය අරගෙන ගෙවා ගන්න බැරුව පහුගිය අවුරුදු කීපයේ දෙසිය හැටකට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද 12 දින පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව පවසා සිටියා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව

මේ වෙනකොට ශුද්‍ර මූල්‍ය ණය අරගෙන ලක්ෂ 24 කාන්තාවෝ ලක්ෂ 28 ක්ෂුද්‍රමූල්‍ය ණය ගත්ත සියලු දෙනා අද වෙනකොට ජීවත්වෙනවද මිය යනවද කියලා ප්‍රශ්නය ඉස්සරහට ගෙනල්ලා තියෙනවා.
 පහුගිය අවුරුදු කීපයේ දෙසිය හැටකට ආසන්න ප්‍රමාණයක් මිය ගිහිල්ලා තියෙනවා. මේ පොලිස් පොත්වල වාර්තා වෙච්ච ඒවා.
 මේ අර්බුදය මෙහෙම්මම තියෙන්න දුන්නොත් පාස්පෝට් කාර්යාලයේ පෝලිම වැඩි වෙනවා.. බෝට්ටු වලින් පැනලා යන ගාන වැඩි වෙනවා.
 අද හිඟා කන අය වෘත්තියක් ලෙස හිඟා කනවා කියල කිව්වට ඒ අයගේත් විවිධ ප්‍රශ්න තියෙනවා. ඊට අමතරව අලුතෙන් කොටසක් හිඟමනට එකතු වෙනවා.  අපි දැක්කා මතුගම තාත්තා කෙනෙක් දරුවන්ට කන්න දෙන්න  විදිහක් නැතුව  දරුවෝ තුන් දෙනාට සියදිවි නසාගෙන තියෙනවා. ඒ වගේ ඉදිරි කාල පරිච්ඡේදයේ දී කන්න බොන්න ටික නැතුව ජීවත් වෙන්න විදිහක් නැතිව ඒ සමාජ තීරුව ඉදිරි කාලයේ බරපතළ අර්බුදයකට ලක් වෙනවා.
 ක්ෂුද්‍ර මූල්‍ය ණය පැහැදිලිව කපා හැරිය යුතුයි.