29.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් සැකකරුවන් 730 ක් අත්අඩංගුවට

යුක්තියෙන් සැකකරුවන් 730 ක් අත්අඩංගුවට

ගෙවුණු පැය 24 තුළ දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබූ යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 730 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 526 දෙනා අතරින් සැකකරුවන් 04 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවයි.

එමෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ එක් සැකකරුවෙක් පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 154 යි මිලිග්‍රෑම් 267 ක්, අයිස් ග්‍රෑම් 81 යි මිලිග්‍රෑම් 485 ක්, මත්පෙති 840 ක්, මදන මෝදක ග්‍රෑම් 209 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අතඅඩංගුවට ගෙන තිබෙනවා.