විශාල ජනකායක් එදිනෙදා භාවිතා කරන ගම්පහ දුම්රිය ස්ථානයේ කවුළු දෙකක් අද (28) වසා දැමීමට පියවර ගෙන තිබුණා.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පවතින හිඟය හේතුවෙන් මෙලෙස දුම්රිය කවුළු දෙකක් වසා තැබීමට සිදුව ඇති බවයි අප වාර්තකරු සඳහන් කළේ.
මේ හේතුවෙන් ගම්පහ දුම්රිය ස්ථානයේ දුම්රිය භාවිතා කරන ජනතාව දිගු කාලයක් ප්රවේශපත් ලබා ගැනීම සඳහා දිගු පෝලීම්වල රැඳී සිටීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.