29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමෙරිකාව එන්නත්කරණය කඩිනම් කරයි

අමෙරිකාව එන්නත්කරණය කඩිනම් කරයි

අමෙරිකාවේ කොවිඩ් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව සැලකිය යුතු අන්දමින් ඉහළ යෑමත් සමඟ එරට මහ පරිමාණයේ ව්‍යාපාරික සමාගම් සිය සේවකයන් එන්නත්කරණයට ලක් කළ යුතු බව ප්‍රකාශ කළේය. නොඑසේනම් සතිපතා ඔවුන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කරන්නැයි අමෙරිකා ජනාධිපතිවරයා ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

දැනට අමෙරිකාවේ උද්ගතවී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් අමෙරිකාවේ ජනාධිපතිවරයා මේ බව කියා ඇති අතර, මිලියන ගණනක රජයේ සේවකයන්ද කඩිනමින් එන්නත්කරණයට ලක් කිරීමට උපදෙස් දී ඇත.

අමෙරිකාවේ ප්‍රාන්ත රැසක රෝහල් මේ වනවිටත් කොවිඩ් ආසාදිතයන්ගෙන් පිරී ඉතිරි යන තත්ත්වයක් මතුවී ඇති අතර, ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ එම තත්ත්වය දරුණු වී ඇතැයි වාර්තා වේ.

පෙරේදා දිනයේදී ද ලොව වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් සහ දෛනික මරණ සංඛ්‍යාව අමෙරිකාවෙන් වාර්තා වූ අතර, සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පෙරේදා කොවිඩ් ආසාදිතයන් 1,60,748ක් අමෙරිකාවෙන් හඳුනාගත් බවය. එමෙන්ම එදින අමෙරිකාවේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 1,929 ක් ලෙස සටහන් වී ඇතැයි වාර්තා වේ.