23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා රැසක්

ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා රැසක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කාර්මික අභ්‍යාසලාභීන් ලෙස ශ්‍රී ලාංකික පිරිමින්ට රැකියා අවස්ථා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජපානයේ ජාත්‍යන්තර සබඳතා සංවිධානය (IRO) අතර අත්සන් තැබූ ගිවිසුමකට අනුවයි මෙම රැකියා අවස්ථා ප්‍රකාශයට පත් කර ඇත්තේ.

මේ සඳහා උනන්දුවක් දක්වන අය තම අයදුම්පත් 2024 මාර්තු 09 හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙසයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

අයදුම්පත් [email protected] වෙත විද්‍යුත් තැපෑලෙන් එවිය හැකි අතර 0112 882235 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විමසීම් කළ හැකිය.