― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් රුපියල් 850කින් ඉහළට?

ගෑස් රුපියල් 850කින් ඉහළට?

ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 850කින් ඉහළ දැමීමට රජයෙන් ඉල්ලීම් කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩර් සඳහා මෙම ඉල්ලීම කර ඇති අතර ලිට්‍රෝ සමාගම විසින් අද (12) ප්‍රදේශ කිහිපයකට ගෑස් නිකුත් කර තිබුණි.

බොහෝ ප්‍රදේශවල ගෑස් මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයින්ට අදත් දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවී ඇති බව වාර්තා වෙයි. ණයවර ලිපි විවෘත කිරීමට සහ ගෙවීම් සිදුකිරීමට පැවති ගැටලු හේතුවෙන් පසුගිය දින කිහිපයේදී ප්‍රමාණවත් තරම් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් නොකෙරුණි.

ලිට්‍රෝ සමාගම පැවසුවේ ඊයේ සහ අද දිනයේදී ලක්ෂ 2ක පමණ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කළ බවයි.