― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහිමි විය යුතු සැමට අස්වැසුම දෙනවා - ජනපති

හිමි විය යුතු සැමට අස්වැසුම දෙනවා – ජනපති

ආර්ථික වශයෙන් කඩා වැටුණු රටේ ජනතාව ජීවත් කරවීම සඳහා ‘අස්වැසුම’ සහ ‘උරුමය’ වැඩසටහන් මඟින් විශාල කාර්යභාරයක් සිදු කරමින් තිබෙන බවත් අස්වැසුම හිමි විය යුතු සියලු දෙනාට කඩිනමින් එම සහනය ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) පෙරවරුවේ මාතලේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමිනි.

රජයේ එම වැඩපිළිවෙළ වෙනුවෙන් කොන්දේසි විරහිතව තම සහාය ලබාදෙන බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ ‘අස්වැසුම’ සහ ‘උරුමය’ වැඩසටහන නිවැරදිව ජනතාව අතරට ගෙන යාම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අවශ්‍ය බවත් මේ වැඩසටහන සමඟ රටේ ආර්ථිකය ද පරිවර්තනයකට ගෙන යා යුතු බවත්ය.

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම පසුගිය වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කළා. එම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සොයා බැලීමට අද මා විල්ගමුවට පැමිණ තිබෙනවා. ජනාධිපති ධූරයේ වගකීම මා භාරගත්තේ රටේ ආර්ථිකය කඩා වැටී රට බංකොලොත්ව තිබූ අවස්ථාවකයි. එදා ආර්ථික අර්බුදයන් රට ගොඩගැනීම සඳහා කිසිදු නායකයෙක් ඉදිරියට ආවේ නැහැ. එවැනි බංකොලොත් පරිසරයක් තුළ ජනතාවගේ රැකියා අහිමිවී ජීවත්වීම පිළිබඳ ගැටලු මතුව තිබුණා.

එම නිසා රටේ ජනතාව ජීවත් කරවීමේ වගකීම මා භාරගත්තා. ඒ අනුව ආර්ථික වශයෙන් රට ගොඩනැඟීමට අප කටයුතු කළා. ඉන්පසුව ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් අප
අස්වැසුම වැඩසටහන යටතේ මූල්‍ය ආධාර පිරිනැමීමට කටයුතු කළා. ඒ අනුව අස්වැසුම හරහා සමෘද්ධිය මෙන් තුන් ගුණයක ආධාර ජනතාවට ලබා දීමට අපට හැකියාව ලැබුණා. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ අවශ්‍ය සියලුදෙනා හඳුනා ගෙන එම ආධාර ලබාදීම අපේ අරමුණයි. සාකච්ඡා මාර්ගයෙන් ගැටලු හඳුනාගෙන කටයුතු කිරීමෙන්මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා.

අපේ රටේ සමෘද්ධිලාභීන් සිටියේ ලක්ෂ 16ක පමණ පිරිසක්. නමුත් අස්වැසුම ප්‍රතිලාභීන් ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළා. 1935 සිට ඉඩම් සංවර්ධන පනත යටතේ ඉඩම් බලපත්‍ර ලැබූ සියලුදෙනාට උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය හිමි වෙනවා. තමාට ඉඩමේ නීත්‍යානකූල අයිතිය හිමි වීම නිසා දිගු කලක් තිස්සේ එම ජනතාවට මුහුණ දීමට සිදුවූ ගැටලුවට විසදුම් ලැබෙනවා.

උරුමය වැඩසටහන යටතේ ලක්ෂ විස්සකට සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමට කටයුතු කරනවා. මෙම වසර අවසන් වන විට ඉඩම් ඔප්පු ලක්ෂ දහයක් ලබාදීමට කටයුතු කරනවා. මේ සියලුම වැඩසටහන් යටතේ ජනතාවට සුරක්ෂිත ආර්ථිකයක් ගොඩනගා දීම අපේ අරමුණයි. අස්වැසුම සහ උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට විශාල වැඩකොටසක් පැවරෙනවා. ජනතාවට යහපත් අනාගතයක් උදාකර දීම වෙනුවෙන් අප ඒ සඳහා කැපවී කටයුතු කළ යුතුයි.

මේ වැඩසටහන සමඟ රටේ ආර්ථිකය ද අපි පරිවර්තනයකට ගෙන යා යුතුයි. දැන් රටේ ආර්ථිකය ධන වර්ධනයක් පෙන්නුම් කරමින් තිබෙනවා. එම නිසා මේ පළාත තුළ ආදායම් මාර්ග වර්ධනය කිරීමට හැකි සැලසුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සංචාරක කලාපයක් ලෙස මෙම පළාත දියුණු කළ හැකියි. නවීන කෘෂිකර්මාන්ත භාවිතය සහ අපනයන කුළු බඩු කර්මාන්තය සංවර්ධනය කිරීමටත් සැලසුම් කර තිබෙනවා.”