මෙරට පළමු වනජීවී උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අද (01) ගල්ගමුව කාසිකොටේ, ගැට දිවුල ප්‍රදේශයේදී ආරම්භ කෙරුණා.
වන අලින් දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහායි මෙලෙස දුම්රිය මාර්ගයට යටින් දිවෙන වනජීවී උමං මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කර ඇත්තේ.
කොළඹ – කන්කසන්තුරේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ 95 වන සැතපුම් කණුව ආශ්‍රිත ප්‍රදේශය නිරන්තරයෙන් වන අලින් දුම්රියේ ගැටෙන ස්ථානයක් බවට හඳුනාගෙන ඇති අතර දීර්ඝ කාලයක් පුරා ඊට විසඳුම් සොයනු ලැබුවා.
ඒ අනුව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ අලි – මිනිස් ගැටුම ගැන අලුතින් සිතමු වැඩසටහන යටතේ මෙලෙස දුම්රිය මාර්ගයට යටින් දිවෙන වනජීවී උමං මාර්ගයක් පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරුණා.
මෙම ව්‍යාපෘතිය සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය, ප්‍රවාහන අමාත්‍යංශය, දුම්රිය හා වනජීවී දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වී දියත් කරනු ලබනවා.
දේශීය වනජීවීන් සංරක්ෂණය සඳහා ගෝලීය විසඳුමක් ලෙසයි මෙය සැලකෙන්නේ.