30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසහරාන්ගේ මස්සිනා ඇතුළු 30ක් අත්අඩංගුවට

සහරාන්ගේ මස්සිනා ඇතුළු 30ක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි සහරාන්ගේ සහෝදරියගේ සැමියා ඇතුළු 30 දෙනෙකු අද (01) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලිසිය පවසනවා.

සහරාන්ගේ සහෝදරියගේ සැමියා ඇතුළු 30 දෙනෙකු ඊයේ රාත්‍රියේ කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ මුස්ලිම් පල්ලියක් අසළ නිවසකට රැස්ව සිටියා.

2017 මාර්තු 10 වැනි දින කාතන්කුඩි ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි සහරාන් ගේ අනුගාමිකයින් තිදෙනෙකු ද මෙම පිරිස අතර සිට තිබෙනවා.

අත්අඩංගුවට ගත් අය එක් රැස් වූයේ සහරාන් හෂීම්ගේ ප්‍රතිපත්තිය යළි පණ ගැන්වීමටද යන්න සැකය මත මෙරට බුද්ධි අංශ සහ පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

විමර්ශනවලින් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බවයි පොලිසිය පැවසුවේ.