― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot NewsEtihad ගුවන් සේවය ගුවන් ගමන් වාර වැඩි කරයි

Etihad ගුවන් සේවය ගුවන් ගමන් වාර වැඩි කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ගුවන් සමාගම වන එතිහාඩ් (Etihad) එයාර්වේස් ගුවන් සමාගම මැයි මස 01 වැනිදා සිට කොළඹට ගුවන් ගමන් වාර ගණන වැඩි කර තිබෙනවා.

දැනට සතිපතා ගුවන් ගමන් වාර 10 ක් පවතින එතිහාඩ් ගුවන් සේවය මැයි 01 වැනිදා සිට සතියකට ගුවන් ගමන් 13 ක් දක්වා තම මෙහෙයුම් වැඩි කර ඇති බවයි නිවේදනය කරන්නේ.

එනම් සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල ගුවන් ගමන් 2 ක් සහ බදාදා දින එක ගුවන් ගමනක් ලෙසයි.

එමෙන්ම ජුනි 15 වැණිදා සිට සතියකට තම ගුවන් ගමන් වාර 20 ක් දක්වා වැඩි කර ඇත්තේ සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා යන දිනවල ගුවන් ගමන් 03ක් සහ බදාදා දින එක ගුවන් ගමනක් ලෙසයි.

මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නංවාලීමට සහ මැදපෙරදිග සහ ලෝකයේ අනෙකුත් ප්‍රධාන ගමනාන්ත වෙත ගමන් කිරීමට සුවිශේෂී දායකත්වයක් වනු ඇත.