― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු තරගය අද

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු තරගය අද (04) පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතය.

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද බංග්ලාදේශයේ සිල්හෙට් හිදී පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 13ක් පවත්වා ඇති අතර, ඉන් තරග 09ක ජය ශ්‍රී ලංකාවට හිමිකරගෙන ඇති අතර බංග්ලාදේශයේ ජයගෙන ඇත්තේ තරග 04ක් පමණයි.

අද තරගය වෙනුවෙන් වේග පන්දු යවන්නන්ට හිතකර තණතීරුවක් ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සිල්හෙට් තණතීරුවේ විස්සයි විස්ස තරගයක් වෙනුවෙන් මෙම කණ්ඩායම් දෙක මුණගැසෙන්නේ දෙවන වරට වන අතර මෙම තණතීරුවේ දෙරට අතර පැවැත්වුණු පළමු විස්සයි විස්ස තරගයේ ජය ශ්‍රී ලංකාව හිමි කරගෙන තිබෙනවා.

කණ්ඩායම් නායක වනිඳු හසරංගට විස්සයි විස්ස තරග දෙකක තරග තහනමක් පනවා තිබීම හේතුවෙන් අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උප නායක චරිත් අසලංකට හිමිව තිබෙනවා.

මේ අතර අද තරගයේදී ආරම්භක පිතිකරුවෙක් ලෙස අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩා කිරීමට නියමිත අතර වනිඳු වෙනුවට දඟ පන්දු යවන්නෙක් ලෙස අකිල ධනංජයට අද තරගය ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් හිමිවනවා.