23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුණු ඇලට පැන්න කුඩු රැජින

කුණු ඇලට පැන්න කුඩු රැජින

කදිරාණවත්තේ ‘කුඩු රැජින’ යන අනවර්ථ නාමයෙන් හැඳින්වූ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (03) සිදු කළ යුක්තියේ මෙහෙයුමේදීයි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

45 හැවිරිදි වියේ පසුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඇය කසළ පිරුණු කුණු ඇළකට පැන තිබෙනවා. ඇය ඉන් ගොඩට ගැනීම සඬහ්හා පොලිස් විශේෂ කාර්ය බළකායට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු විය.

මට්ටක්කුලිය පොලිසිය විසින් ඇයගේ නිවස වැටලූ අවස්ථාවේදීයි ඇය මෙලෙස කුණු ඇළට පැන ඇත්තේ.

මෙම වැටලීමේදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් හා නිවසේ තිබී රුපියල් 500,000කට ආසන්න මුදලක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.