― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරජය කයිවාරු ගැහුවට දරුවන්ට එක පරිගණකයක්වත් දීලා නෑ

රජය කයිවාරු ගැහුවට දරුවන්ට එක පරිගණකයක්වත් දීලා නෑ

රට ඩිජිටල් කරනවා කිව්වට දරුවන් සඳහා එක පරිගණකයක්වත් රජයට දිය නොහැකි බවත් රටේ පාසල්වල 40,000ක ගුරු හිඟයක් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ මොණරාගල බුත්තල ගෝණගංආර කනිටු විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ රටේ පාසල් ගිනිතියපු යුගයක් තිබූ බවත් ඒ සඳහා භීෂණය නිර්මාණය කළ කණ්ඩායම් පාසල් දරුවන්ගේ දෙමාපියන් පවා උපයෝගී කර ගෙන පාසල් ගිනිතියපු නිසා පාසල්වල ‘මේ මගේ දරුවාගේ පාසලයි මෙය සුරැකීම අපේ යුතුකමයි’ යනුවෙන් ලියා තැබීමට සිදුවූ බවත් මේ දේවල් අමතක නොකළ යුතු බවත් පාසල් ගොඩනගනවා වෙනුවට පාසල් ගිනිතියපු, විනාශ කළ කාලයක් තිබූ බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

සයිටම් එකට විරුද්ධ වූ විප්ලවවාදියකුගේ දරුවෙක් පසුගිය දිනක පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධියක් ගෙන ඇති අයුරු දැකගත හැකි වූ බවත් එය සතුටට කරුණක් මෙන්ම එක්තරා අතකින් දුකට කරුණක් බවත් රටේ සෑම පුරවැසියකුගේම දරුවන්ට එවැනි පෞද්ගලික අධ්‍යාපනයක් ලැබිය හැකි ද කියා ගැටලුවක් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පවතින නිදහස් අධ්‍යාපනයට හානි නොවන ආකාරයට වෙනත් අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය වනවාට මෙම කුහක විප්ලවවාදීන් විරුද්ධ බවත් තමා කිසිදු ආකාරයකට පෞද්ගලික අධ්‍යාපනය ශක්තිමත් නොකරන නමුත් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරමින් අපේ රටේ දූදරුවන් වෙනුවෙන් අනෙකුත් අධ්‍යාපන අවස්ථාද ශක්තිමත් කළ යුතු බවත් මේ අතර බෙදීමක් නොතිබිය යුතු බවත් සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.

රජය රටේ ඩිජිටල් පරිවර්තනාත්මක යුගයක් බිහි කරනවා කිව්වත් රටේ පාසල්වල 40000ක ගුරු හිඟයක් පවතින බවත් රටේ සමහර පාසල්වල එකදු පරිගණකයක් හෝ නොමැති බවත් විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශ කළේය.