― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවෙරළේදී අයිස් සමඟ යුවළක් අත්අඩංගුවට

වෙරළේදී අයිස් සමඟ යුවළක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන වාද්දුව මුහුදු වෙරළේ රැඳී සිටි යුවළක් අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 17 හැවිරිදි සිසුවියක සහ ඇයගේ 30 හැවිරිදි පෙම්වතා බවයි පොලිසිය පවසන්නේ.

මෙම යුවළ වාද්දුව ප්‍රදේශයේම පදිංචි දෙදෙනෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

පොලීසියට ලද තොරතුරක් මත වාද්දුව, පොහද්දරමුල්ල වෙරළ තීරයේදී සිදු කළ මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්රැම් 20 ක් සහ පානය කරන උපාංග සමඟ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බාලවයස්කාර තරුණිය පොලීසිය හමුවේ පවසා ඇත්ත්තේ ඇය හොරණ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියකට සහභාගී වී නිවසට පැමිණෙන අතරතුර සැකකාර පෙම්වතාට පානය කිරීමට ආරක්ෂාව සඳහා අයිස් තමා සන්තකයේ තබාගත් බවයි.

සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇද්ද යන්න ? සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර තිබෙනවා.