29.5 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋසස් පෙළ වෘත්තීය පුහුණු වැඩසටහන අදින් ඇරඹේ

උසස් පෙළ වෘත්තීය පුහුණු වැඩසටහන අදින් ඇරඹේ

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහන අදින් (05) ඇරඹෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ අනුව දිවයින පුරා මධ්‍යස්ථාන 300ක මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ මේ සඳහා ලියාපදිංචි වූ සිසුන් පස්වරු 02.00ට අදාළ මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙසයි.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව, මාර්ගෝපදේශනය සහ වෘත්තීය විෂයක් නොමිලේ හැදෑරීමට මෙම වැඩසටහන මඟින් අවස්ථාව හිමිවනු ඇති.