― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsAccidentබස් - යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් රෝහලට

බස් – යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් රෝහලට

අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් ලංගම බස් රථයක ගැටීමෙන් තරුණයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

අද (05) උදෑසන 10 ට පමණ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

ගිනිගත්හේන පොලිසිය පැවසුවේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු හොරණ දක්වා අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය කොළඹ සිට හැටන් දක්වා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලංගම බස් රථයේ ගැටි මෙම අනතුර සිදු වී ඇති බවයි.

මෙම අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපස අසුනේ ගමන් ගත් තරුණයා බරපතල තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එම තුවාලකරුවන් දෙදෙනා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුරෙන් යතුරුපැදියට බරපතල ලෙස අලාභ හානි සිදුව තිබෙනවා.