32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසලේදී ක්ලාන්ත වී ඇදවැටුණු ශිෂ්‍යාව ජීවිතක්ෂයට

පාසලේදී ක්ලාන්ත වී ඇදවැටුණු ශිෂ්‍යාව ජීවිතක්ෂයට

ශිෂ්‍යාවක් පාසල තුළදී ක්ලාන්තව ඇද වැටී ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් කලවාන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කලවාන, මීපාගම ජයන්ති මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්.

13 හැවිරිදි වියේ පසු වූ දිසානායක මුදියන්සේලාගේ ඉමල්කා සත්සරණි නැමැති මෙම ශිෂ්‍යාව අද (06) උදෑසන පාසලේ රැස්වීම අවස්ථාවේදී ක්ලාන්ත වී බිමට ඇද වැටී තිබෙනවා.

ඉන්පසුව ඇය කලවාන මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ඇය මියගොස් සිට ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනි ලබනවා.