28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsටෙලිකොම් හා ලංකා හොස්පිට්ල්ස් ගැන නීතිපතිගෙන් ඉල්ලීමක්

ටෙලිකොම් හා ලංකා හොස්පිට්ල්ස් ගැන නීතිපතිගෙන් ඉල්ලීමක්

දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12 වැනිදා තෙක් අත්හිටුවමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස නීතිපතිවරයා අද (06) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කළා.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙනුවෙන් ලයිකා මොබයිල් එස්.ඒ.ආර්.එල් සමාගම සහ පිටිගෝ කොමේරිකෝ ඉන්ටර්නැෂනල් සමාගම මෙන්ම ලංකා හොස්පිට්ල්ස් ආයතනය වෙනුවෙන් ලයිකා ලීසිං හෝල්ඩිං සමාගම සහ හයිම්ස් ඉන්ටනැෂනල් සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් අද යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මෙම ඉල්ලීම සිදු කළා.

මෙම පෙත්සම් අද අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන් සමරකෝන් ඉදිරියේ කැඳවනු ලැබූ අතර අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වනවිට කරුණු දැක්වීම සිදුකරනු ලබනවා.