32.8 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentසිව් හැවිරිදි දරුවාට දිවි අහිමි වූ රිය අනතුර

සිව් හැවිරිදි දරුවාට දිවි අහිමි වූ රිය අනතුර

නොරොච්චෝලේ, පූලච්චේන ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් සිව් හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ නොරොච්චෝලේ පොලිස් වසමේ පූලච්චේන විදුහල අසළදී පූලච්චේන දෙසට ධාවනය වූ ලොරි රථයක පාපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදියේ ගමන් කළ දරුවා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදීයි එම දරුවා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.