― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsත්‍රිරෝද රථ ගාස්තු ඉහළට

ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට

ඉන්ධන මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් මේ වනවිට ත්‍රිරෝද රථ හිමියන්ද සිය ගාස්තු ඉහළ දමා තිබේ.

ඒ අනුව අද දිනයේ සිට පළමු කිලෝමීටරයට රුපියල් 70ක් සහ ඉන් පසුව කිලෝමීටරයකට රුපියල් 60 දක්වා ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන් මීටරය වෙනස් කර තිබේ.

ඉන්ධන මිල ඉහළයාමෙන් අර්බුදයට පත්ව ඇති සිය කර්මාන්තය වෙනුවෙන් ද සහන සැලසීමට පියවර ගන්නැයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමිකරුවන්ගේ සංගමයේ, මාධ්‍ය ප්‍රකාශක, කපිල ගලපිටගේ මහතා,

“ණය පහසුකම් ගෙවා ගන්න අන්නත අසරණ වෙලා ඉන්න මොහොතක රජය අපිට මෙහෙම බරක් දානවානම් අපිට අත්වෙලා තියෙන ඉරණම මොකද්ද ? අපි කියනවා තවත් අපිව අසරණ කරන්න එපා. ත්‍රිරෝද රථ වෘත්තිකයා ආරක්ෂා කරගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න.”

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඇතැම් ත්‍රිරෝද රථ හිමියන් මේ වන විටත් සිය ප්‍රවාහන ගාස්තු ඉහළ නංවා ඇති අතර නව මිලට අනුව මනු සකස් කිරීමට ඔවුන් පියවර ගත් ආකාරය අද දක්නට ලැබුණි.

ත්‍රිරෝද රථ හිමියන්,

“මීටරය සකස්කරගන්න ආවේ. පළමු කිලෝ මීටරයට රුපියල් 70.00යි. ඊට පස්සේ 60 ගාණේ තමයි වැටෙන්නේ. වේටින් එක 4.00යි. මදි ඉතින් ඒත් මොනවා කරන්නද. සාධාරණයක් තියෙන්නත් ඕනේ හැමෝටම.”

මේ අතර ඉහළ ගිය ඉන්ධන මිල හමුවේ පාසල් ළමුන් ප්‍රවාහන සේවා ගාස්තුද ඉහළ නැංවීමට ඉදිරියේදී සිදුවනු ඇති බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසයි.

සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ, සභාපති, රුවන් ප්‍රසාද් මහතා පවසා සිටියේ, අවම වශයෙන් 40%ක වත් ගාස්තු ඉහළ දැමීමක් සිදුවිය යුතු බවය.

එසේ වුවත් කෙටි දුර දුවන වාහන සඳහා ලීටර් 20ක ඉන්ධන සහනයක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.