― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමද්‍රසා පාසල් සිසුවාගේ මරණයේ සැකකරුවන්ට ඇප

මද්‍රසා පාසල් සිසුවාගේ මරණයේ සැකකරුවන්ට ඇප

මද්‍රාසා පාසල් සිසුවාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් CCTV දර්ශන ඇතුළු වැදගත් හෝඩුවාවන් විනාශ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනෙකු දැඩි කොන්දේසි යටතේ ඇප මත මුදා හැරීමට කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එම නඩුව ඊයේ (06) කල්මුණේ අධිකරණ විනිසුරු එම්.එස්.එම් සම්සුදීන් ඉදිරියේ විභාගයට ගනු ලැබීය.

එම සිද්ධියෙඔ විත්තිකරුවන් සිව්දෙනා දැඩි කොන්දේසි යටතේ ඇප මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා ප්‍රධාන සැකකරු වන මවුලවිවරයා දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

ඔවුන් සිව්දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇති අතර විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසයි විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.

එමෙන්ම නඩු විභාගය අවසන් වනතුරු නොවරදවාම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.