සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා.
සැකකරු පසුගිය ජනවාරි 21 වැනිදා හික්කඩුව පොලිස් වසමේ වවුලගොඩ, මැදපාර ප්රදේශයේ පිහිටි නිවසකට ඇතුළු වී විදෙස් ජාතික කාන්තාවකගේ රුපියල් 760,000ක් සහ ATM කාඩ් 2ක් ඇතුළු වටිනා දේපොළ සොරකම් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මොහු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් පහත දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.