27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsIMF නියෝජිතයින් හා විපක්ෂය අතර සාකච්ඡාව අද

IMF නියෝජිතයින් හා විපක්ෂය අතර සාකච්ඡාව අද

මෙරටට පැමිණ ඇති IMF නියෝජිතයින් හා මෙරට නියෝජිතයින් අතර අද (11) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර ඒ සඳහා විපක්ෂයේ දේශපාලන කණ්ඩායම්වල නායකයින්ට ද ආරාධනා කර තිබෙනවා.

කෙසේනමුත් මෙම සාකච්ඡාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහභාගී නොවන බවයි ඔවුන් දැනුම් දී ඇත්තේ.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මෙම සාකච්ඡාවට එක්වන බව දැනුම් දී ඇති අතර මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අය එක්වීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් විපක්ෂය ඉදිරිපත් කරන මතවාදයන්ට අවස්ථාව ලබාදීම වෙනුවෙන් එම දේශපාලන කණ්ඩායම්වලට මෙම සාකච්ඡාව සඳහා ඇරයුම් කළ බවයි.