30 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමධ්‍යම තැපැල් හුවමාරුවේ වැඩ වර්ජනයක්

මධ්‍යම තැපැල් හුවමාරුවේ වැඩ වර්ජනයක්

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් සංකේත වැඩ වර්ජනයක නිරත වන බව වාර්තා වනවා.

මහල් 8 කින් සමන්විත මධ්‍යම තැපැල් හුවමාරු ගොඩනැගිල්ලේ අක්‍රිය වී ඇති විදුලි සෝපාන දෙක අලුත්වැඩියා කර දෙන්නැයි ඉල්ලමිනුයි එහි සේවකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත්තේ.

දෛනිකව 3000කට අධික පිරිසක් මෙම ගොඩනැගිල්ල භාවිත කරන බවත් 5 වන මහල දක්වා පමණක් ක්‍රියාත්මක වන විදුලි සෝපානය නිසා එතැන් සිට සේවකයින් විසින් තැපැල් භාණ්ඩ උඩට රැගෙන යා යුතු බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසීය.