27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතියුණු ආයුධයකින් පහර බිරිඳ මරා දැමූ සැමියා

තියුණු ආයුධයකින් පහර බිරිඳ මරා දැමූ සැමියා

සැමියා විසින් තියුණු ආයුධයකින් පහර දී තම බිරිඳ ඝාතනය කිරීමේ පුවතක් ඇලපාත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (10) උදෑසන ඇලපාත පොලිස් වසමේ නිරිඇල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී මෙම කාන්තාව ඝාතනය කර ඇති බවයි.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් අතර කලක පටන් පවුල් ආරවුල් තිබී ඇති අතර ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා වෙන වෙනම නිවාස දෙකක වාසය කර ඇති බවයි.

අදාළ කාන්තාව ඊයේ (10) උදෑසන තම දරුවන්ගේ පොත්පත් රැගෙන ඒම සඳහා සැමියා පදිංචිව සිටි නිවසට ගිය අවස්ථාවේ මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 40ක නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක් වන අතර වයස අවුරුදු 43ක් වූ සැකකාර සැමියා පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇලපාත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.