27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තිය මෙහෙයුමට අද සිට හමුදා සහය

යුක්තිය මෙහෙයුමට අද සිට හමුදා සහය

‍අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුම් සඳහා හමුදාවේ සහාය ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ අද (11) සිට යුක්තියේ මෙහෙයුම සඳහා ත්‍රිවිධ හමුදාවේද සහය ලබාගන්නා බවයි.

ඒ අනුව යුක්තියේ මෙහෙයුම් අධීක්ෂණය සඳහා අද සිට කොට්ඨාස 45 ක් සඳහා නිලධාරින් අනියුක්ත කෙරෙනු ඇති.

මේ දක්වා සිදු කළ යුක්තියෙ මෙහෙයුමෙන් සැකකරුවන් 68,577 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර නීති විරෝධීව ඉපැයූ රුපියල් මිලියන 725 කට වැඩි වත්කම් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.