27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාතාල සාමාජිකයින් 43කට ජාත්‍යන්තර රතු නිවේදන

පාතාල සාමාජිකයින් 43කට ජාත්‍යන්තර රතු නිවේදන

විදේශගතව සිටින මෙරට අපරාධ කල්ලි සාමාජිකයින් 43 දෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් රැසක් ඩුබායි රාජ්‍යයට පැන ගොස් ඇති අතර ඔවුන් ඩුබායි රාජ්‍යයේ සිට වෙනත් පුද්ගලයින්ගේ නම්වලින් වෙනත් රටවලට පැනගොස් ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා.

මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මන්නා රමේෂ්’ පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගනු ලැබවා.

මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ ඔහු සම්බන්ධයෙන් ඩුබායි රාජ්‍යයේ නිලධාරීන් සාකච්ඡා කර ඊට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන බවයි.

එමෙන්ම තවත් අපරාධ කල්ලි සාමාජිකයින් කිහිපදෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ලබාගැනීමට නියමිතයි.