― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් කිරීමේ තීරණයක්

වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් කිරීමේ තීරණයක්

උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විඳුර වික්‍රමනායක පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාතලේ බෞද්ධ මන්දිරයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරට සංස්කෘතික උරුමය මතු පරපුරට දායාද කිරීම සඳහා සංස්කෘතික සංගායනාවක අවශ්‍යතාව පවතින බවයි.

එමෙන්ම මහජන සේවකයින් වන දේශපාලනඥයින් පෙරහරින් වැඩම කරවීම සම්පූර්ණයෙන් අත්හැරිය යුතු බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.