25 C
Colombo
Saturday, October 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාර අයිනේ සිටි තරුණයෙක් ටිපරයට බිලිවෙයි

පාර අයිනේ සිටි තරුණයෙක් ටිපරයට බිලිවෙයි

හලාවත, දිගන්වැව ප්‍රදේශයේදී මාර්ගය අයිනේ තිබූ ට්‍රැක්ටරයකට ඉන්ධන පුරවමින් සිටි තරුණයෙක් මාර්ගයේ ගමන් ගත් ට්පර් රථයක ගැටී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ හලාවත, දිගන්වැව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇති බවයි.

අධික වේගයෙන් පැමිණි ටිපර් රථය ට්‍රැක්ටරයට ඉන්ධන පුරවමින් සිටි තරුණයාගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තරුණයා විසි වී ගොස් කුඩා කානුවකට වැටී ඇති අතර අනතුරින් පෙරළුණු ටිපර් රථයේ ඉදිරිපස රෝද දෙක තරුණයාගේ පපුවේ තදින් වැදී ඇති බව විමර්ශනයේදී අනාවරණය විය.

මෙම අනතුර සම්බන්ධයෙන් හලාවත මූලස්ථාන රථවාහන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.