27 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපානයෙන් යෙන් මිලියන 1,600ක්

ජපානයෙන් යෙන් මිලියන 1,600ක්

ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට යෙන් මිලියන 1,600ක මුදලක් පරිත්‍යාග කිරීමට එකඟත්වය පළ කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම ආධාර ලබා ගැනීම සඳහා ජපාන රජය සමග හුවමාරු පත්‍ර සහ වෙනත් අදාළ ලියකියවිලි අත්සන් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති තිබෙනවා.

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායේ තෙල් කාන්දු සඳහා ප්‍රතිචාර සහ කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය, උතුරු පළාතේ රෝහල්වල මාතෘ සහ ළමා ප්‍රතිකාර සඳහා ආධාරක උපකරණ සැපයීමේ සහ උතුරු පළාතේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල ඇඟලුම් පාඨමාලා සඳහා ආධාරක උපකරණ ලබා දීමේ ව්‍යාපෘතිය, උතුරු නැගෙනහිර පළාත්වල ධීවරනයින්ගේ ආරක්ෂාව සඳහා ආධාරක උපකරණ ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යි ඔවුන් මෙම ආධාර මුදල ලබා දෙනු ලබන්නේ.

ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ලබාදෙන මෙම මුදල දල වශයෙන් රුපියල් බිලියන 3.3කි.